මොනවද මේ පිරමීඩ ව්‍යාපාර (Matrix Program) කියන්නෙ?


පිරමීඩ... ලංකාවෙ හුඟක් අය දන්න, සමහරු විශාල වශයෙන් මුදල් නැති කරගත් ව්‍යාපාර ක්‍රමයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මීට කලකට ඉහත ජනප්‍රියව තිබුණ අඩුවටිනාකමකින් යුත් භාණ්ඩයක් මිලදි ගෙන තවත් අය බඳවා ගන්නා ලෙස කියමින් ඔවුන් බඳවා ගත් විට තවත් මුදල් ත්‍යාග ලැබෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් ඉපැයූ පිරමීඩ ආකාරයේ ව්‍යාපාර මේ සඳහා හොඳ උදාහරණ වශයෙන් සඳහන් කරන්න පුළුවන්.

ඇයි TGA Network පිරමීඩ ආකාරයේ ව්‍යාපාර ගැන කතා කරන්න හිතුවෙ?
අන්තර්ජාල ව්‍යාපාර ක්ෂේත්‍රයේ මෙම පිරමීඩ ආකාරයේ ව්‍යාපාර කාලයෙන් කාලයට ප්‍රචලිත වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම සමහර පිරමීඩ ආකාරයේ ව්‍යාපාර සහ MLM එහෙමත් නැත්නම් Mulit Level Marketing ආකාරයේ ව්‍යාපාර පටලවා ගැනීමේ තත්වයක් අපිට දකින්න ලැබී තියෙනවා. මේ නිසා TGA Network අපි තීරණය කළා අපි දන්න ආකාරයට මේ ගැන ලියන්න. (මේ ව්‍යාපාර ක්ෂේත්‍රය ගැන අපිට ඉහල මට්ටමේ දැනීමක් නැතිවෙන්න පුළුවන්. ඒත් අපි දන්න දේ අපි බෙදාගන්නවා. වැරදි අඩුපාඩු තියෙනවා නම් අපිට දැනුම් දෙන්න.)

පිරමීඩ ආකාරයේ ව්‍යාපාර යනු නීති විරෝධී, ඒ වගේම 'ඉතාමත් අවදානම්' ඉක්මණින් පොහොසත් වියහැකි, නමුත් අවසානයේ මිතුරන්, පවුලේ අය, මුදල් ඇතුළු බොහෝ දේ නැතිවිය හැකි අධි අවදානම් ව්‍යාපාරයක් වශයෙන් අපට සඳහන් කරන්න පුළුවන්.

ඔබට මෙම පිරමීඩ ආකාරයේ ව්‍යාපාර ගැන ඔබගේ යහලුවන්ගෙන්, අසල්වැසියන්ගෙන්, පවුලේ අයගෙන් දැනගැනීමටත් පුළුවන්. බොහෝවිට මේ සඳහා පුද්ගලයින් එකතුකරගැනීම seminar හෝ meeting ඇසුරින් සිදු වෙනවා. එහෙත් මෙම ව්‍යාපාර වල අළුත්ම මුහුණුවර වශයෙන් අපිට හැඳින්විය හැක්කේ අන්තර්ජාලය ඇසුරින් මේ සඳහා පුද්ගලයින් එකතුකරගැනීමයි. විශේෂයෙන්ම සමාජ ජාලා භාවිතයෙන් සහ මේ සඳහාම නිර්මාණය කරන ලද Web Site භාවිතයෙන් අද වන විට විශාල පිරිසක් මෙම ව්‍යාපාර වල යෙදීමේ ප්‍රවණතාවයක් අපට දැකගන්න පුළුවන්.

මේ හැරුණු කොට අපි TGA Network දැකපු තවත් දෙයක් තමයි බොහෝ පිරිසක් මෙම පිරමීඩ ආකාරයේ ව්‍යාපාර සහ MLM එහෙමත් නැත්නම් Mulit Level Marketing ආකාරයේ ව්‍යාපාර පටලවා ගැනීමක් සිදුවෙලා තියෙනවා. එහෙත් ඔබ හොඳින් මතක තබා ගතයුතු දෙයක් තමයි පිරමීඩ ආකාරයේ ව්‍යාපාර බොහෝවිට උත්සාහ ගන්නේ තව තවත් පිරිස් එම ව්‍යාපාරයට බඳවා ගැනීමට මිසක් කිසියම් වූ භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීමට නෙමෙයි. කිසියම් වූ භාණ්ඩයක් හෝ සේවාවක් ලබාදුන්නද ඔබ හොඳින් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි එම ලබාදුන් භාණ්ඩය හෝ සේවාව ඔබ වියදම් කල මුදලට සරිලන සේවාවක්ද නැද්ද යන්න පිළිබඳව. අපි මේ ගැන පසුව තවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

දැන් අපි පිරමීඩ ආකාරයේ අන්තර්ජාල ව්‍යාපාර පිලිබඳ පොඩ්ඩක් කතාකරමු.

බොහෝ අන්තර්ජාල ආශ්‍රිත පිරමීඩ ආකාරයේ ව්‍යාපාර හඳුන්වන්නේ Matrix Programs යන නමින්. ඇත්ත වශයෙන්ම මෙහිදී බොහෝවිට සිදුවන්නේ ව්‍යාපාරයේ Membership එක විකිණීමයි. වෙනත් විදිහකට කියනවා නම් ඔබට සිදුවෙනවා එම ව්‍යාපාරයේ සාමාජිකයකු වශයෙන් සිටීමට නම් සාමාජික ගාස්තුවක් ගෙවීමට. මෙලෙස සාමාජික ගාස්තු ගෙවීමෙන් පසුව ඔබට සිදුවෙනවා තව තවත් පිරිස් මෙයට බඳවා ගන්න. මෙහිදී ව්‍යාපාරය ඔබට කියා සිටිනවා තව තවත් සාමාජිකයින් බඳවාගැනීම මඟින් ඔබට අතිවිශාල මුදලක් උපයාගන්න හැකියාව තියෙන බව. එහෙත් ඇත්තටම මෙහිදී සිදුවෙන්නෙ පරණ සාමාජිකයින්ට ගෙවීම සඳහා අලුත් සාමාජිකයින්ගෙන් මුදල් ලබාගැනීමයි. මෙය ඉතාමත් නීතිවිරෝධී ක්‍රියාවක් වශයෙන් අපට සඳහන් කරන්න පුළුවන්. ඒ හැරුණුකොට මෙම දාමයේ පහල සිටින පිරිසට අළුත් සාමාජිකයින් බඳවාගැනීම එන්න එන්නම අමාරු වෙනවා. අවසානයේ බොහෝ පිරිසකට සිදුවන්නේ තමන් යෙදූ මුදල් පවා නැතිකර ගැනීමටයි. 


අපි කලිනුත් සඳහන් කල පරිදි බොහෝ පිරිසක් මෙම පිරමීඩ ආකාරයේ ව්‍යාපාර එහෙමත් නැත්නම් Matrix Programs, MLM සහ Ponzi Scheme සමඟ පටලවාගෙන ඉන්නේ. එම නිසා අපි TGA Network බලාපොරොත්තු වෙනවා අපිට හැකි පමණින් මෙම පැටලුම ලිහල දෙන්න.




මොකක්ද මේ පිරමීඩ එහෙමත් නැත්නම් Matrix Program සහ Multi Level Marketing (MLM) ව්‍යාපාර අතර ඇති වෙනස?
ඇත්ත වශයෙන්ම බොහෝ පිරමීඩ ආකාරයේ ව්‍යාපාර බොරෝ දුරට MLM ව්‍යාපාර හැඩය ගන්නවා. එහෙත් MLM ව්‍යාපාර උත්සාහ ගන්නේ ඔවුන්ගේ වෙළඳ භාණ්ඩ හෝ සේවා විකිණීම සඳහායි. ඒ වගේම මෙම MLM ව්‍යාපාර උත්සාහ ගන්නේ ඔවුන්ගේ භාණ්ඩ හා සේවා විකිණීමෙන් ලැබෙන මුදලින් කොමිස් මුදලක් ඔවුන්ගේ Affiliates program එක සඳහා යෙදවීමටයි. එහෙම නැතිව අලුත් සාමාජිකයින්ගේ මුදල් ලබගෙන එයින් පරණ සාමාජිකයින් සඳහා ගෙවීමක් මෙහිදී සිදුවන්නේ නැහැ. 
සමහර පිරමීඩ ආකාරයේ ව්‍යාපාර වලදීත් ඔබට දැකගන්න පුළුවන් MLM ආකාරයට භාණ්ඩ හෝ සේවාවක් ලබාදීමක් සිදු කරනවා. එහෙත් ඔබ හොඳින් මතක තබාගතයුතු වෙනවා, ඔබ ලබාගත් භාණ්ඩය හෝ සේවාව එම මුදලට සරිලනවද නැද්ද යන්න පිලිබඳව, වගේම ඔබ බලාපොරොත්තු වූ තත්වය (Quality එක) එහි තියෙනවද නැද්ද යන්න පිලිබඳවත් සොයාබැලිය යුතුයි. බොහෝ පිරමීඩ ආකාරයේ ව්‍යාපාර මෙම භාණ්ඩ හා සේවා පිලිබඳ එතරම් තැකීමක් කරන්නේ නැහැ. ඔවුන්ගේ මූලික පරමාර්ථය ඔබව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා බඳවා ගැනීමයි. එහෙත් MLM ව්‍යාපාර උත්සාහ ගන්නේ ඔවුන්ගේ භාණ්ඩ හා සේවා පාරිභෝගිකයාට ලබාදීමටයි.  
මේ දිනවල ඉතා ජනප්‍රිය Matrix ආකාරයේ අන්තර්ජාල ව්‍යාපාර කිහිපයක්ම අපට දැකගන්න පුළුවන්. ඔවුන් බොහෝ පිරිසක් විකුණන්නේ අන්තර්ජාලයෙන් මුදල් ලබාගන්නේ කොහොමද යන්න පිලිබඳ ලියැවුණු ලිපි සහ Guidelines. එහෙත් ඔවුන්ගේ මුලික පරමාර්ථය ඔබට මෙම E-Book විකිණීම නෙමෙයි, ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා ඔබව බඳවා ගැනීමයි. එම නිසා ඔබ MLM (Multi Level Marketing) ව්‍යාපාර වල නියැලීමට බලාපොරොත්තු වන්නේ නම් මේ පිලිබඳ හොඳ අවධානයකින් කටයුතු කිරීම වැදගත් කියලයි අපේ විශ්වාසය.

මොකක්ද මේ පිරමීඩ එහෙමත් නැත්නම් Matrix Program සහ Ponzi Scheme අතර ඇති වෙනස? ඇත්ත වශයෙන්ම පිරමීඩ හෝ Ponzi හෝ වේවා මෙම ව්‍යාපාර දෙවර්ගයම නීත්‍යානුකුල නොවන ව්‍යාපාර ක්ෂේත්‍රයන් වශයෙන් තමයි අපි TGA Network දකින්නෙ. එහෙත් අපට හැඟෙන විදිහට මෙයින් බොහෝ භයානක වන්නේ Ponzi මොඩලයේ ව්‍යාපාරයි. ඒකට හේතුව තමයි බොහෝවිට අප දන්නේ නැහැ, මෙම ව්‍යාපාරය Ponzi මොඩලය භාවිතා කරන බව. (කෙනෙකුගෙන් අරගෙන තව කෙනෙක්ට ගෙවීම අප හඳුන්වන්නේ Ponzi මොඩලයේ ව්‍යාපාර නමින්) අපි සිහින මවන්නේ මෙම ව්‍යාපාරය ඇත්තටම ලාභ උපයමින් අපට ගෙවීම් සිදුකරනවා කියලයි. එහෙත් ඇත්තටම සිද්ධවෙන්නෙ Ponzi මොඩලය මත ක්‍රියාත්මක වීමයි. එහෙත් පිරමීඩ ආකාරයේ ව්‍යාපාර වල යෙදෙන පිරිස් තමන් යෙදෙන ව්‍යාපාර මොඩලය පිලිබඳ අවබෝධයක් ඇතිවයි එහි නියැලෙන්නෙ. බොහෝවිට ඔවුන් දන්නවා තමන් විසින් අළුත් සාමාජිකයින් බඳවාගැනීම මඟින් පමණයි තමන්ට මුදල් ලබාගැනීමට හැකියාව ඇත්තෙ කියන දේ. එහෙත් Ponzi මොඩලයේදී හුඟක් පිරිසක් මේ ගැන අවබෝධයක් නැතිව ඉහල මුදල් ආයෝජන සිදුකරනවා. ඒ වගේම නියමිත දිනයේදී ලාභ ලැබීමට සිහින මවනවා, අලුතින් පිරිස් බඳවාගැනීම සඳහා උත්සහ ගැනීමක් සිදු කරන්නේ නැහැ.
එහෙත් අප දැනට ලබා ඇති අත්දැකීම් අනුව ගත්කල අපිට දැකපු දෙයක් තමයි Ponzi මොඩලයේ ව්‍යාපාර පිරමීඩ ආකාරයේ (Matrix Program) ව්‍යාපාර වලට වඩා කල් පැවැත්මක් ඇති බව. මෙයට හේතුව වශයෙන් අපි දකින්නේ පිරමීඩ ආකාරයේ ව්‍යාපාර වල පහල ස්ථර (Bottom Level) වල ඉන්න පිරිස් වලට බඳවාගැනීමේ හැකියාව නැතිවුණු ගමන් ඉහල ස්ථර (Top Level) සිට කඩාගෙන වැටීම ආරම්භ වීමයි. ඒ කෙසේ වෙතත් පිරමීඩ ආකාරයේ ව්‍යාපාර හඳුනාගැනීමට වඩා Ponzi මොඩලයේ ව්‍යාපාර හඳුනාගැනීම ඉතා අපහසු වෙනවා. මෙයට හොඳම උදාහරණය වශයෙන් අපි දකින්නෙ Advertising Revenue Sharing ආකාරයේ ව්‍යාපාර. TGA Network අපටත් මෙය ඉතා අපහසුයි හඳුනාගැනීම.

TGA ඇසින්...
අවසාන වශයෙන් අපට කියන්න තියෙන්නෙ ඉතා ඉහල ලාභ ඉපැයීම සඳහා සමහර පිරිස් විසින් පිරමීඩ ආකාරයේ ව්‍යාපාර හඳුන්වාදෙනවා. ඒ වගේම මෙහි ඉහල ස්ථර (Top Level) වල සිටින පිරිස් විසින් ලස්සන සිහින ලෝක මවනවා ඔවුන්ගේ පැවැත්ම සඳහා. ඉතින් ඔවුන් කියන දේ අහල මෙයට සහභාගී වන බොහෝ පිරිසක් අවසානයේ තමන්ගේ මුදල් මෙම ඉහල ස්ථර (Top Level) වල සිටින පිරිසට පුජා කිරීම තමයි සිදුවෙන්නෙ. ඒ වගේම තමන්ව විශ්වාස කල බොහෝ පිරිසක් අවසානයේ අමාරුවෙ වැටෙන බවත් කිසිම වෙලාවක අමතක කරන්න එපා. එම නිසා කුමන අයුරින් පැමිණියත් Matrix ආකාරයේ බොහෝ ව්‍යාපාර අවසානයේ සීමිත පිරිසක් සුපිරි ධනවතුන් බවට පත් කර විශාල පිරිසක් දුප්පතුන් බවට පත් කරන බව අමතක නොකරන්න කියලයි TGA Network අපගේ උපදේශය වන්නේ. (උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න)
TGA Network - චරි
Logo.png
Share on Google Plus

About Unknown

4 comments:

  1. You write some good and fair points in this article. But I cannot agree with some of the stuff that you have written. And if you are pointing out your finger giving specific names of companies, I ask you to present proof for those accusations. And no offense but you've been also promoting some of the questionable schemes/ marketing methods as well. You've helped me and given me advice in some areas previously, so let me give you some advice as well. Do not point your finger at somebody without doing proper research and getting educated. But it's your opinion and I respect that, even if some of the facts may be completely wrong.

    ReplyDelete
    Replies
    1. Hi,
      Thanks for the feedback, yep I have mentioned few names here, I take the responsibility of them. Actually I didn't involve with those programs personally. But there are a lot of sad stories out there friend. If you do google, I think you might find few too.
      Some of facts can be wrong, yes I am not a 100% correct guy. Anyway I didn't promote a scheme which is still at a doubt. I just did a comparison, so pros and cons need to be highlighted.
      Anyway thanks for the feed back. Cheers~

      Delete
    2. Decided to remove the names, but that don't mean we are not acquisition those companies. Anyway thanks for the feed back!

      Delete