TheAdsTeam - TGA ඇසින්

  • තත්වය (Status) :- මුදල් ගෙවයි
  • මුදල් යෙදවිය හැකි ආකාර (Payment Options) :- Payza, Perfect Money, Solid Trust Pay, Payeer, BitCoin
  • අවම ආයෝජනය (Minimum Deposit) :- ඇ. ඩොලර් 10 (USD)
  • අවම මුදල් ආපසු ගැනීම (Minimum Withdrawal) :- ඇ. ඩොලර් 10 (USD)
  • කාණ්ඩය (Category) :- Advertising Revenue Sharing
  • කොමිස් (Referral Commission) :- 8%, 2%, 1%, 1%, 1% Revenue Share Adpack මිලදී ගැනීම් සඳහා
  • අපේ විශ්වාසය (Trust Score) :- 75.35%
  • අවදානම (Risk) :- තරමක් අවදානම්

අද අපගේ 'TGA විචාරය' වශයෙන් ලියවෙන්නෙ 2016 ඔක්තෝම්බර් 15 වන දින ආරම්භ කරන ලද තවත් එක් ජනප්‍රිය Advertising Revenue Sharing ආකාරයේ ව්‍යාපාරයක් වන TheAdsTeam එහෙමත් නැත්නම් TAT Revenue Sharing ව්‍යාපාරය ගැනයි. මුලින්ම අපි සඳහන් කරන්න කැමතියි TheAdsTeam එහෙමත් නැත්නම් TAT ව්‍යාපාරය අප විසින් ප්‍රචලිත කරනු ලබන (Promote කරන) ව්‍යාපාරයක් නොවෙන බවත්, ඔබට අප විසින් ප්‍රචලිත කරනු ලබන (Promote කරන) ව්‍යාපාර ගැන දැනගැනීම අවශ්‍ය නම් ඒ සඳහා කරුණාකර 'අන්තර්ජාල ආයෝජන' යටතේ පලවන ලිපි පෙල කියවන්න ලෙසත්.

සුපුරුදු විදිහට TAT ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් හොයල බලමු මේක කාටද අයිති කියල. මෙම ව්‍යාපාරය ආරම්භ කරන්නෙ ඇඩ්මින් වරුන් තිදෙනෙක් වන Muhammad Azam (වමේ), Najam UI-Hassan (මැද) සහ Muhammad Imran (දකුණේ). මොවුන් තිදෙනාම මහා බ්‍රිතාන්‍යයේ දැනට ජීවත්වන පකිස්ථානු ජාතිකයින්. ඒ වගේම මොවුන් දැනට ටික කාලෙකට කලින් පැමිණි නීතිමය ගැටළු පවා පැනනැගුණු OneCoin නම් වූ Crypto මූල්‍ය ඒකකය ප්‍රචලිත කිරීමට සක්‍රීය ලෙස දායක වූ පිරිසක් ලෙස අපට හැඳින්විය හැකියි.
මෙම හේතුව නිසා මොවුන්ගේ අතීතය එතරම් ව්‍යාපාර සඳහා සුබවාදී වූ අතීතයක් නොවන බවයි අපගේ හැඟීම වෙන්නෙ.
මෙම ව්‍යාපාරය ආරම්භ වී දින 10ක් ගතවෙද්දි (2016 ඔක්තෝම්බර් 25) මොවුන්ගේ එක් ඇඩ්මින්වරයකු වන Muhammad Imran මෙම ව්‍යාපාරයෙන් ඉවත්වූ බව නිවේදනය කරනවා. එහෙත් ඔහු මෙම ව්‍යාපාරය හැරයාමට හේතුව ඔවුන් සඳහන් කරන්නේ නැහැ.

TAT ව්‍යාපාරික මොඩලය මොනවගේද?
TAT යනු Advertising Revenue Sharing මත පදනම් වූ ව්‍යාපාරයක්. ඒ කියන්නෙ අප විසින් මිලදී ගන්නෙ මෙම සයිට් එකේ අපගේ දැන්වීම් පලකිරීමට අවශ්‍ය කරන Advertising Credits. ඒ වගේ දිනක Advertising විකිණීමෙන් ලැබෙන ලාභය යලිත් අප අතර බෙදා දීමක් තමයි මෙහිදී සිදුවන්නෙ. ඒ වගේම අප විශ්වාස කරන ආකාරයට මෙම ව්‍යාපාරයද කෙනෙකුගෙන් ලැබෙන ආදායම තවත් කෙනෙකුට ගෙවීමේ ක්‍රමය නොහොත් Ponzi ව්‍යාපාරික මොඩලය මත පදනම් වූ ව්‍යාපාරයක් හැටියට හැඳින්විය හැකියි. මේ හැරුනුකොට ඔවුන් විසින් Affiliate Marketing ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා මෙම Advertising Revenue Sharing ව්‍යාපාරයට අමතරව. මේ සඳහා ඔවුන් පහත සඳහන් ඉතා ඉහළ ජනප්‍රියතාවයක් සහිත අන්තර්ජාල විකුණුම් මාධ්‍ය යොදාගන්නවා.
සාර්ථක Revenue Sharing ව්‍යාපාරයක් සඳහා බාහිර ආදායම් මාර්ග ඉතාමත් වැදගත් කාර්යභාරයක් සිදුකරනවා. එම නිසා මෙවැනි ඉතා ජනප්‍රිය අන්තර්ජාල විකුණුම් මාධ්‍ය භාවිතා කිරීම මෙම ව්‍යාපාරයේ පැවැත්මට ඉහළ බලපෑමක් කළ හැකි සාධකයක් වශයෙන් තමයි අපි TGA Network දකින්නෙ.
මෙම ව්‍යාපාරයේදී ආදායම් ලැබීමට හැකි ආකාර මොනවාද?
1. Revenue Sharing Adpack මිලදී ගැනීමෙන්
2. CashLink ක්ලික් කිරීමෙන් (PTC)
3. තමන්ගේ Referral ලින්ක් එක හරහා තවත් අය බඳවා ගැනීමෙන් (ඔවුන්ගෙන් ලැබෙන කොමිස් මුදලින්)

Revenue Sharing Adpack මිලදී ගැනීමෙන් මුදල් උපයන්නේ කොහොමද?
ඉහත රූපයේ දැක්වෙන පරිදි ඔබට පුළුවන් Revenue Share Adpack මිලදී ගන්න ඇ. ඩොලර් 10න් ආරම්භ වෙන. ඒ මිලදී ගැනීම වෙනුවෙන් සයිට් එක ඔබට Web Ad Credits 250ක්, Text Ad Credits 800ක් සහ Banner Ad Credits 800ක් පිරිනමනවා. ඇත්තටම කියනවනම් ඔබ Adpack එකක් මිලදී ගන්නවා කියන්නෙ මේ Web Ad Credit, Text Ad Credit සහ Banner Clicks මිලදී ගැනීමයි. මෙම මිලදී ගැනීම නිසා ඔබ TheAdsTeam හි Revenue Sharing Pool එකට ඇතුලත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ ලෙසම ඔබට ඇ. ඩොලර් 25 සහ ඇ. ඩොලර් 50 වටිනා Adpack මිලදී ගැනීමට හැකියාවක් පවතිනවා. මෙම සියලුම මිලදීගැනීම් සඳහා ඔබට කිසිඳු සාමාජික ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙය එක් අයුරකින් මෙවැනි බිස්නස් මොඩලයක් සහිත ව්‍යාපාරයක් සඳහා උචිත පියවරක් නොවන බවයි අපගේ හැඟීම.

මෙම ව්‍යාපාරයේ යෙදීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, ඔබ මතක තබාගතයුතු දෙයක් තියෙනවා. ඔබ විසින් මිලදී ගනු ලබන්නේ සේවාවක්, ඒ නිසා ඔබට දිනකට හරියටම මෙන්න මේ ප්‍රමාණයක් ආදායම් ලැබෙනවා කියල කිසි වෙලාවක කියන්න හැකියාවක් මෙහිදී හිමි වෙන්නෙ නැහැ. ඒ වගේම ඔබ ආයෝජනය කල මුදල හරියටම මේ දිනයේදී 110% හෝ 115% හෝ 120% ප්‍රමාණයක් වෙන බවට සහතිකයක් දෙන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ. (අපි Revenue Sharing කියන්නෙ මොකක්ද කියල මීට කලින් කතා කරල තියෙනවා. මෙතැනින් බලන්න)
***සයිට් එක ආදායම් නොලැබුවොත් ආදායම් බෙදීමක් සිදු නොවේ.
AdPack වර්ගය
ලැබිය හැකි උපරිම ප්‍රතිලාභය
දිනක ලැබිය හැකි ආදායම (උපරිම)
උපරිම ප්‍රතිලාභ ලැබීමට ගතවන දින ගණන
(දළ වශයෙන්)
මිලදී ගත හැකි උපරිම AdPack ගණන
Membership Fee එක (මාසිකව)
$ 10
110%
2.5%
40ත් - 50ත් අතර
200
නැත
$ 25
115%
2.25%
50ත් - 60ත් අතර
500
නැත
$ 50
120%
2.0%
50ත් - 60ත් අතර
2000
නැත

CashLink ක්ලික් කිරීමෙන් (PTC) මුදල් උපයන්නේ කොහොමද?
ඔබ මුදල් නොයොදා මුදල් උපයන්න කැමති නම් ඔබ කලයුත්තේ මෙම CashLink ක්ලික් කිරීමයි. මෙම ව්‍යාපාරයේ PTC මොඩලය ProxScript භාවිතා කරන ලද සාමාන්‍ය PTC මොඩලයක් ලෙස අපට හඳුන්වාදිය හැකියි.
තමන්ගේ Referral ලින්ක් එක හරහා තවත් අය බඳවා ගැනීමෙන් මුදල් උපයන්නේ කොහොමද?
අනෙකුත් Revenue Sharing ව්‍යාපාර කරන ආකාරයටම TheAdsTeam ව්‍යාපාරයේ Affiliate Program එකට සක්‍රීයව දායකවීම මඟින් ඔබට Level 01 - 8% කොමිස් මුදලක් ලැබීමට අවස්ථාව තිබෙනවා. මේ හැරුනුකොට මෙම ව්‍යාපාරයේ Level 02 - 2% කොමිස් මුදලක් සහ Level 03, 04, 05 සඳහා 1% කොමිස් මුදලක්ද හිමිවෙනවා. 13% කොමිස් මුදල් සඳහා වෙන් කිරීම යනු විශාල මුදලක් නාස්ති කිරීමක් වශයෙනුයි අපි TGA Network දකින්නෙ. මෙය හුදෙක් ව්‍යාපාරය ජනප්‍රිය කරවන්නන් සතුටු කිරීම සඳහා කරනු ලැබූ ඉතාමත් අනුවණ ක්‍රියාවක් ලෙසයි TGA Network අපි සලකන්නෙ.
TheAdsTeam ව්‍යාපාරයේ ධනාත්මක පැත්ත TGA Network ඇසින්
  • 2016 ඔක්තෝම්බර් මස ආරම්භ වූ මෙම ව්‍යාපාරය මේ වනවිට මාස 4ක කාලයක් පුරා ගෙවීම් කටයුතු සිදුකරල තියෙනවා.
  • ඔවුන් බාහිර ආදායම් මාර්ග ගැන සිතීම සහ ජනප්‍රිය විකුණුම් මාධ්‍ය සමඟ කටයුතු කිරීම ව්‍යාපාරිකව ගත් ඉතා වැදගත් තීරණයක් වෙනවා.
  • එක් අයකුට මිලදී ගත හැකි Adpack ප්‍රමාණය සීමාසහිත වීම ව්‍යාපාරය පැත්තෙන් ගත් හොඳ තීරණයක් වෙනවා.
  • මෙහි දැනට සිටින ඇඩ්මින්වරු දෙදෙනා Masters උපාධි සහිත ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති දෙපලක් වීම ව්‍යාපාරයේ කල් පැවැත්ම වැඩි කිරීමට ඉවහල් වෙන බවයි TGA අපේ මතය.

TheAdsTeam ව්‍යාපාරයේ ඍණාත්මක පැත්ත TGA Network ඇසින්
  • මෙම ව්‍යාපාරය බොහෝ Revenue Sharing ව්‍යාපාර වගේම Ponzi මොඩලය සහිත ව්‍යාපාරයක් වන බවයි අපගේ හැඟීම.
  • මෙම ව්‍යාපාරය මෙහෙයවන ඇඩ්මින්වරුන් මින් පෙර OneCoin ජනප්‍රිය කරවීමට කැපවී ක්‍රියා කල දෙපලක් වන අතර, එම ව්‍යාපාරය බිඳ වැටීමෙන් පසු ඔවුන්ගේම Ponzi ව්‍යාපාර මොඩලයක් එළි දැකිවීම TheAdsTeam හරහා සිදු වූ බවයි අපගේ මතය.
  • 13% වැනි ඉහළ කොමිස් මුදල් ලබාදීමක් සිදු කිරීම ව්‍යාපාරය පැත්තෙන් ඉතාමත් අවාසි සහගත තත්වයක් ලෙසටයි අපගේ හැඟීම.
  • Advertising Revenue Sharing ව්‍යාපාරයක් වුවත් මෙහි දැන්වීම් අංශය ශක්තිමත් දැන්වීම් අංශයක් නොවන බවටයි අපගේ මතය.

TGA Network අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, TheAdsTeam බිස්නස් මොඩලය බොහෝ දුරට PONZI (කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට ගෙවන) බිස්නස් මොඩලයකට සමාන වන නිසා ඔබ මෙම ව්‍යාපාරය හා සම්බන්ධ වන්න බලාපොරොත්තු වන්නේ නම් ඔබ විසින් ආයෝජනය කල යුත්තේ නැති වුණොත් දරා ගතහැකි මුදලක් පමණයි. ඒ වගේම මෙම ව්‍යාපාර මොඩලය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව එහි නියැලීම අතවශ්‍ය කටයුත්තක් වේ. මෙම පහත සඳහන් වගු කිහිපය හොඳින් නරඹන්න. TheAdsTeam ව්‍යාපාරය පිලිබඳ අපගේ දැක්ම මොන වගේද, ඒ වගේම ඇයි අපි මේ ව්‍යාපාරය ප්‍රචලිත කරන්නෙ හෝ නොකරන්නෙ යන කරුණු ඔබටම වටහාගන්න පුළුවන්.


Category
(කාණ්ඩය)
TGA Trust Score
(TGA අපේ විශ්වාසය)
Assigned Weight
(ලැබෙන දායකත්වය)
Final Count
(අවසන් ප්‍රතිඵලයට ලැබෙන දායකත්වය)
Trust Score of the Owner
40.00%
16.00%
6.40%
Features
83.00%
15.00%
12.45%
Member Reviews
75.00%
15.00%
11.25%
Recent Payouts
90.00%
7.00%
6.30%
Daily Cap
95.00%
15.00%
14.25%
Used Script
80.00%
12.00%
9.60%
Promotional Strength
80.00%
5.00%
4%
Affiliate Program
60.00%
6.00%
3.60%
Payment Methods
80.00%
3.00%
2.40%
Limitations & Other
85.00%
6.00%
5.10%


100.00%
75.35%

75.35% TGA Trust Score (විශ්වාසවන්ත භාවය) සහිත TheAdsTeam, අප (TGA Network) විසින් අවදානම් අන්තර්ජාල ආයෝජනය අවස්ථාවක් විදිහට නිර්දේශ කරනවා.
එම නිසා අපි නැවත වතාවක් අවධාරණය කරනවා, කිසිම මොහොතක "පාඩු වුණොත් දැරිය නොහැකි මුදලක්" මේ සඳහා නොයොදන ලෙසට.



(උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න)
TGA Network - චරි
Logo.png
Share on Google Plus

About Unknown

4 comments: