මොනවද මේ RevShare කියන්නෙ?




හැමෝම දන්න, හැමෝම කරන, RevShare ගැන තොරතුරු බිඳක්...

Revenue Sharing අන්තර්ජාල ව්‍යාපාර කියන්නෙ මේ දවස්වල තියෙන හුඟක් ප්‍රසිද්ධ මාතෘකාවක් කිව්වොත් අපි නිවැරදියි. අපි දැකල තියෙනවා, ඒ වගේම අත්විඳලා තියෙනවා සල්ලි ආයෝජනය කරල මේ සයිට් වලින් හොඳ ආදායමක් ලබන්න පුළුවන් කියන දේ. ඒත් හොඳට මතක තියාගන්න, "Revenue Sharing යනු අතිශය අවදානම් අන්තර්ජාල ආයෝජන අවස්ථාවක් බව".

එහෙනම් අපි මුල ඉඳන් Revenue Sharing Program ගැන දැනගනිමු.

RevShare එහෙමත් නැත්නම් Revenue Sharing Program කවද කවුරු පටන්ගත්තද කියන එක ඇත්තටමට අපිට අදාල නෑනේ. ඒ නිසා හොඳම දේ තමයි මේ බිස්නස් Concept එක, සිංහලෙන් කියනවා නම් මේ ව්‍යාපාරික දර්ශනය / සංකල්පය ගැන අදහසක් ලබාගන්න එක.  

අපි හැමෝම දන්න (නොදන්න අයත් ඇති) PTC (Paid to Click) සහ HYIP (High Yield Investment Program) වල එකතුවක් විදිහට RevShare හැඳින්වුවත් ඒක වරදක් විදිහට දකින්න බැහැ.

ඇත්තටම මොකක්ද මෙතැන වෙන්නෙ?

අපි ආයෝජනයක් සිදුකරනවා. ඇත්තම කියනවා නම් අපි කරන්නෙ මිලදී ගැනීමක්. ඒ කියන්නෙ අපි Program එකෙන් ඔවුන්ගෙ වෙබ් අඩවියේ දැන්වීම් පලකිරීමට අවශ්‍ය කරන Credits මිලදී ගන්නවා. ඒ වෙනුවෙන් ඔවුන් (Program එක) අපට දිනයේ ලැබුණු අදායම බෙදාදෙනවා. හොඳට මතක තියාගන්න මේ සයිට් වල Revenue (ආදායම) බෙදන්න පුළුවන් වෙන්නෙ එයාල Sales (විකුණුම්) සිදු කලොත් පමණයි.

Revenue Sharing වලදී අපි දැනගතයුතුම දෙයක් තමයි මේවා ලාභාංශ පොරොන්දු වූ ව්‍යාපාර මොඩලයක් (Investment Module) නොවන බව. අප විසින් සිදුකරනු ලබන මිලදී ගැනීමකට දවසේ ලැබෙන ආදායම බෙදා හැරීමක් සිදුවන නිසා, පොරොන්දු වූ දිනයක මේ තරම් මුදලක් අපට ලැබෙනවා කියන "පොරොන්දු මානසිකත්වය" මෙතැන නැහැ. ඔබ බලාපොරොත්තු වෙනවනම් දිගුකාලීනව මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්න මේ කරුණු ගැන ඉතා හොඳ වැටහීමක් ඔබට තිබිය යුතුමයි.

ඔබ බලාපොරොත්තු වෙනවානම් මුදල් ආයෝජනය නොකර මෙම ව්‍යාපාරය කරන්න, ඔබට බයවෙන්න කිසිම හේතුවක් නැහැ, හැබැයි මූල්‍ය ආයෝජනයක් නොකර මෙයින් ආදායම් ලැබීම 'ඉබ්බෙක්ගෙන් පිහාටු ගැනීම' හා සමානයි. (TrafficMonSoon විතරයි දැනට නිකන් සල්ලි දුන්නෙ එයාලගෙ CashLink වලින් -  විස්තර පසුවට)  

ඉතින් ඔබ බලාපොරොත්තු වෙනවනම් Revenue Sharing කරන්න, ඒ සඳහා ඔබ 'දැරිය හැකි මුදලක් පමණක් යෙදීම' අත්‍යවශ්‍යයි. දැරියහැකි මුදලක් යන්නෙන් අපි අදහස් දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි 'නැති වුණොත් විඳ දරාගත හැකි මුදලක්' යන්නත්, අනෙක් අතින් අපි පුරුදු වෙලා තියනවනේ 'අනවශ්‍ය' ලෙස මුදල් නාස්ති කරන්න. ඔබට පුළුවන්නම් අන්න ඒ මුදල් මේ සඳහා යොදවන්න, ඔබට කිසි ප්‍රශ්නයක් නැතිවම හොඳ ආයෝජනයකින් හොඳ ප්‍රතිලාභ ලබාගන්න හැකිවේවි. (ඒ සඳහා අපි මේ ලිපියෙ කියල දෙනවා කොහොමද හොඳ තෝරාගැනීමක් සිදු කරන්නෙ කියල).
ඒ වගේම තවත් එක දෙයක් තියෙනවා කියන්න, RevShare වලදී අපි කරන්නෙ මිලදී ගැනීමක් නිසා අපට Dispute දිනීමට ඇති ඉඩකඩ හුඟක් අඩුයි. ඒ වගේම TGA අපි නැවතත් මතක් කරන්න කැමතියි "RevShare යනු අධික අවදානම් අන්තර්ජාල ආයෝජන අවස්ථාවක් බව"

දැන් ඉතින් පුංචි අදහසක් ඇතිනෙ RevShare (Revenue Sharing) කියන්නෙ මොකක්ද කියල, ඉතින් එහෙනම් අපි දැන් යමු මේකෙ තියෙන හොඳම හරියට. ඒ කියන්නෙ, කොහොමද හොඳ RevShare එකක් තෝරගන්නෙ, ඒ වගේම කොහොමද මේකෙන් ලාභ ලබන්නෙ කියන දේ කතා කරමුකෝ.
මුලින්ම අපි හොඳ RevShare එකක් තෝරගන්නෙ කොහොමද කියල බලමු.
හැමදාමත් කරනව වගේ යන්න MonerMakerGroup.Com එකට. පහල තියෙන Video එක බලන්නකො.


RevShare.gif
YouTube වීඩියෝ එක මෙතැනින් බලන්න.


ඔයාල දැක්කද proReflex, Seal6 කියන Users ලා දාල තියෙන පෝස්ට් වලට විශේෂ අවධානයක් දෙනවා? ඒ ඇයි කියනවා නම් මේ අය Promote කරන RevShare අනිත් ඒවාට වඩා වැඩි කාලයක් යනව කියන දේ අපි අත්විඳල තියෙනවා. (හැබැයි අපි මේ කියපු දේ වරදින්නත් ඉඩ තියෙනවා). එයාලගෙන් එකපාරම එකතු නොවී බලන්න Referral Commission ආපසු දෙන අය ඉන්නවද කියල. (හරියට TGA Network අපි වගේ).


දැන් ඊළඟට අපි බලන්න ඕන මේක පටන්ගෙන කොච්චර කාලයක් වෙනවද කියල. පටන්ගෙන මාස 3කට වඩා වැඩි නම් ඒ වගේ Program එකකට එකතුවෙන එක අවධානම් වැඩියි හුඟක්.

ඇයි එහෙම කියන්නෙ?
මේ RevShare Program ගොඩක් PONZI Scheme. ඒ කියන්නෙ කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට ගෙවනවා. ඉතින් ආයු කාලය මාස 3ත් - 6ත් අතර තමයි ගොඩක් Program වල. මේ ආයු කාලය වැඩි හෝ අඩු වෙන්න පුළුවන් ඒ Program එක ගෙවන වේගය අනුව.
මීළඟට අපි බලන්න ඕන කවුද මේ Program එකේ අයිතිකාරයා කියල. මොකද මේ Program වල ඉන්න හුඟක් ඇඩ්මින්වරු එහෙමත් නැත්නම් අයිතිකාරයො සුපිරි හොරු. එහෙම නැතිව කාලයක් තිස්සෙ කරන ඇඩ්මින්වරු කිහිපදෙනෙක් ඉන්නවා, මේ අතරින් ඉදිරියෙන්ම ඉන්න කෙනා තමයි ‘උදය නාරා’. තවත් අය ඉන්නවා, ඒත් විශ්වාසවන්තකමින් ඉහලින්ම ඉන්නෙ ‘උදය නාරා’ කිව්වොත් අපි (TGA Network) හිතන්නෙ අපි වැරදි නැහැ කියල.


මීළඟට අපි බලන්න ඕන අපට ලැබෙන ROI එහෙමත් නැත්නම් Return of the Investment (යෙදු මුදලට ලැබෙන ලාභය) කොච්චරද කියල. එම අගය 120%ට වඩා වැඩි නම් අපි (TGA Network) හිතන්නෙ එවැනි Program එකකට එකතුවීම එතරම් නුවණට හුරු දෙයක් නොවන බවටයි. (මතක ඇතිනෙ 300%, 200% දෙනව කියල පොලු තිබ්බ ලෝක ප්‍රකට Program ආව.) මේ Program ගොඩක් කරන්නෙ අපේ සල්ලි වලින් වෙන කාටහරි ගෙවනවා, වෙන කෙනෙක්ගෙ සල්ලි වලින් අපිට ගෙවීම් කරනවා. (කලිනුත් කිව්ව වගේ, මෙහෙම කරනවට තමයි PONZI Scheme කියන්නෙ).

මීළඟට අපි බලන්න ඕන Referral Commission එක කීයද කියන දේ. අපි (TGA Network) හිතන්නෙ Referral Commission එක 5%ක් හොඳටම ඇති, 10%ට වඩා වැඩි අගයක් ගන්නවා නම් එම Program වලට එකතුවීම අවධානම් කියන දෙයයි. හුඟක් Program හරි ලස්සන Affiliate program කරනවා. මේවට අහුවෙන අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඔයාල කාවහරි ඔයාලගෙ Mentor (උපදේශකයා) විදිහට තියාගෙන ඉන්නව නම් හොඳින් තේරුම් ගන්න බලන්න ඔහු හෝ ඇයව. කොමිස් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක් උපදේශක විදිහට තියාගන්න එපා. (ඒක හරි භයානක හීනයක් වගේ, අපේ විශ්වාසය ඔහු හෝ ඇය පාවිච්චි කරන්නෙ තමන්ගේ අභිවෘද්ධිය සඳහා)  


ඊළඟට අපි බලන්න ඕන මේ Program වල දිනක අදායම කොපමණද කියන දේ. සාමාන්‍යයෙන් 1.5% - 3% අතර පවතින Program මාස 6ත් අවුරුද්දත් අතර කාලයක් කිසි ගැටළුවක් නැතිව යන්න පුළුවන්. මීටත් වඩා කාලයක් යන්න පුළුවන් හොඳ Promotional Strategies පාවිච්චි කරනවා නම්. (උදාහරණයක් :- MyPayingAds)


දැන් අපි බලන්න ඕනෑ කරන ගොඩක් දේවල් ගැන කතා කරල තියෙන්නෙ. ඒත් තවත් බලන්නම ඕනෑ කරන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි Concept of the Program. (මොන ආකාරයේ Program එකක්ද කියන දේ)


ඇයි අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕන?
උදාහරණයක් ගනිමු :- ඔන්න RevShare එකක් එනවා Advertising වලින් ලැබෙන ආදායම් බෙදනවා කියල. ඒත් බොහොම බාල Advertising මොඩල් තියෙන්නෙ. ඉතින් මේ වගේ program එක්ක එකතුවෙන්න කලින්ම තියෙන අනාරක්ෂිත බව තේරුම්ගන්න ඕන.
තවත් උදාහරණයක් ගත්තොත් Forex Trade කරන RevShare එකක් කියල හිතන්න. එතකොට Advertising වලට වඩා ප්‍රමුඛත්වයක් ලැබෙන්න ඕන Forex නිවුස්, දිනපතා Trade Results වගේ දේවල් වලට.

ඒ නිසා RevShare එකක් තෝරාගැනීමේදී අනිවාර්යයෙන් මේ කාරණය ගැන සැලකිලිමත් වෙන්න ඕන.


තවත් දැනගතයුතුම දෙයක් තමයි Script of the Program.
  • දැනට තියෙන සුලබම Script එක තමයි ProxScript එක. ඒත් මේක හොඳම Script එක කියන දේ එයින් අදහස් වෙන්නෙ නැහැ, මේක PHP language එකෙන් තමයි හදල තියෙන්නෙ. (දැනට පවතින ඉහලම ගුණාත්මක ProxScript එක තියෙන්නෙ MPA සහ MPCA සයිට් වල - TGA Network අත්දැකීම් ඇසුරින්)
  • තවත් හොඳ Script එකක් තමයි Use Titan Script එක. මේක C# සහ Asp.Net එකතුවක් කිව්වොත් අපි වැරදි නැහැ. ඒ වගේම මේ script එක ගොඩක් ඉහල ගුණාත්මක බවක් පෙන්වනවා Advertising පැත්තෙන් හොයල බැලුවොත්. අවාසනාවකට වගේ තවමත් මේ Script එක හරියට භාවිතා කරල නැහැ ඉහල ගුණාත්මක RevShare program එකක් සඳහා.
  • තවත් පවතින Script වර්ගයක් තමයි Customized Script. ඒ කියන්නෙ එම ව්‍යාපාරය සඳහාම නිර්මාණය කල Script. මෙම Program වල කල් පැවැත්ම ඉතාමත් ඉහල අගයක් ගන්නවා.
උදාහරණ :- TrafficMonSoon, FutureAdPro
මේ වගේ තවත් Script ගොඩක් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට RevShare program එකක ජීවිතකාලය මේ Script එකේ පවතින ගුණාත්මක බව මතත් රඳා පවතිනවා.
දැන් නම් අපි RevShare ගැන ගොඩක් දේවල් කතා කරල ඉවරයි. ඉතින් ඔයාලත් RevShare කරනවා නම් සහ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කාරණා ගැනත් සැලකිලිමත් වෙන්න.


දැන් අපි බලමු ඉක්මණින් ලාභ ලබාගන්නෙ කොහොමද කියල.


  1. Program එක පටන්ගත්ත දවස් වලම එකතුවෙලා ලොකු මුදලක් එකවර යොදවලා සති 2ක් -3ක් Re-Purchase එහෙමත් නැත්නම් ලැබුණු ආදායමෙන් යලි යලිත් Adpack අරගන්න. ඊට පස්සෙ තමන් යොදවපු මුදලෙන් 50%-75%ත් අතර අරගන්න. ආයෙත් සති 3ක පමණ කාලයක් Re-Purchase කරල තමන් යෙදවූ මුදල අරගන්න. දැන් තියෙන්නෙ ලාභය විතරයි. ඒකෙන් දිගටම ගිණුම සදමින් මුදල් අරගන්න.
  2. Referral Program එකට සක්‍රීයව දායක වෙන්න. ඒ කියන්නෙ පුළුවන් තරම් Promote කරන්න. පුළුවන් තරම් කට්ටිය අරගන්න ඔයාගෙ Referral Link එකෙන්. Team එකක් හදාගන්න, හදාගෙන හැමෝමත් එක්ක දිනුමට යන්න.           
දැනට පවතින විශ්වාස තැබිය හැකි RevShare program කිහිපයක් සහ ඒ සඳහා එකතුවිය හැකි අපගේ Reflink පහල දක්වලා තියෙනවා. කැමතිනම් අපිත් එක්ක එකතුවෙන්න පුළුවන්. (හොඳින් මතක තියාගන්න - අවදානමක් දැරිය හැකි මුදලක් පමණක් මේ සඳහා යොදවන්න)


  1. FutureAdPro සමඟ එකතුවෙන්න :- Advertising, Social Media සහ තවත් බොහෝ ආදායම් අවස්ථා සමඟින් RevShare ලෝකයේ අලුත්ම පෙරළියක් කරන Program එකක් කිව්වොත් අපි නිවැරදියි. (මේ ගැන විස්තර ළඟදීම පලකිරීමට බලාපොරොත්තු වෙනවා)
  2. MyPayingAds සමඟ එකතුවෙන්න :- දැනට පවතින ඉතාමත්ම විශ්වාසවන්ත RevShare program එක තමයි MPA, එහෙමත් නැත්නම් MyPayingAds කියන්නෙ. අයිතිකරු වෙන්නෙ ‘උදය නාරා’. දැන් වසර 2ක් පුරා ගෙවීම් සිදු කරනවා. Membersලා ලක්ෂ 2 ඉක්මවලා තියෙනවා. ඒ වගේම ඇ. ඩොලර් කෝටි 2කට අධික ගෙවීම් සිදු කරලා තියෙනවා. (මේ ගැන විස්තර ළඟදීම පලකිරීමට බලාපොරොත්තු වෙනවා)
  3. MyPayingCryptoAds සමඟ එකතුවෙන්න :- BitCoin ගැන දන්නව ඇති නේද? මේ BitCoin සහ ඇ. ඩොලර් ($) අතර මූල්‍ය අනුපාතය හරි වේගයෙන් වෙනස් වෙනවා. ඉතින් මේ නිසා හුඟක් RevShare කරන උදවිය සහ එම Program ලොකු අපහසුතාවයකට පත්වෙනවා. මේක නවත්වන්න සම්පුර්ණ Crypto Currency වලින් යන program එකක් ආවා. ඒක තමයි MyPayingCryptoAds එහෙමත් නැත්නම් MPCA කියන්නෙ. අයිතිකරු 'උදය නාරා' මයි. මේ වනවිටත් BitCoin 2000කට අධික ගෙවීම් සිදුකරල තියෙනවා. (මේ ගැන විස්තර ළඟදීම පලකිරීමට බලාපොරොත්තු වෙනවා)  
      
ඉතින් අවසානයටත් කියන්නෙ, RevShare කරනවා නම් අවදානමක් දැරියහැකි මුදලක් පමණක් යොදවන්න. හැකි ඉක්මණින් තමන් යෙදු මුදල ආපසු අරගන්න. ඉන් පසුව ලාභයෙන් පමණක් ගේම් එක ගහගෙන යන්න.


(උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න)
TGA Network - චරි
Logo.png
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment