මොනවද මේ අන්තර්ජාලයේ කරන වෙළදාම්?


Online Trading එහෙමත් නැත්නම් අන්තර්ජාලයේ කරන වෙළදාම් පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්නයි අපි අද බලාපොරොත්තු වන්නෙ. ඉතාමත් පරිණත අන්තර්ජාලයේ ව්‍යාපාර කරන අය මේ අන්තර්ජාල වෙළදාම් (Online Trading) පිළිබඳ ලොකු සැලකිල්ලක් දක්වනවා. ඇත්තටම බොහෝ අන්තර්ජාල මුදල් ඉපැයීම සඳහා පැමිණෙන උදවිය තමන්ගෙ Ultimate Goal සිංහලෙන් කියනවනම් අවසාන ඉලක්කය විදිහට තෝරගන්නෙ මෙම අන්තර්ජාලයේ සිදුකරන වෙළදාමයි.


ඇත්තටම Online Trading වලින් මුදල් උපයන්න පුළුවන්ද?
පැහැදිලිවම ඔව්. හැබැයි ඔයාල ගොඩක් කියවපු සුරංගනා කථා වල වගේ නෙමෙයි, ඉතාමත් හොඳ ඉවසීමක්, පැහැදිලි දර්ශනයක්, හොඳ අවබෝධයක් ඇතිව මේ දේ කලයුතුමයි.


මේ සඳහා මූලික ආයෝජනයක් කලයුතුද?
ඔව්, ඔබ කරන වෙළදාම අනුව මෙම මූලික ආයෝජනය තීරණය වෙනවා. (වැඩි විස්තර පසුවට).


මෙය ආරක්ෂිතද?
නීතිමය පැත්තෙන් බැලුවොත් මේ සඳහා ගැටලුවක් පැනනැගිලා නැහැ, ඒත් නිසි අවබෝධයක් නැතිව මෙම ව්‍යාපාර වල යෙදීම ඔබගේ පසුම්බියට ඉතාමත් අනාරක්ෂිතයි.


ආරක්ෂිතව ලාභ උපයන්නේ කොහොමද?
හොඳ අවබෝධයක්, ඉදිරි දැක්මක්, හොඳ සැලසුමක් ඇතිව කරන වෙළදාමකින් ඔබට හොඳ ප්‍රතිලාභ අත්කරගන්න පුළුවන්. (වැඩි විස්තර පසුවට).


ඉතින් 'TGA එක්ක' අපි සූදානම් වසර 3ක් පමණ වන අපගේ අන්තර්ජාලයේ කරන වෙළදාම් පිළිබඳ අත්දැකීම් ඔබත් සමඟින් බෙදාගන්න. හොඳට මතක තියාගන්න, මේ පිළිබඳ නිසි අවබෝධයක් ලැබෙන තුරු මේ සඳහා කිසිම අයුරකින් මුදල් ආයෝජනයක් සිද්ධ කරන්න එපා. තමන් ගැන පමණක් හිතන උපදේශකයින්ගේ Fantasy සිහිනය මෙතන නැහැ. ඉතා අසීරු, ඉතාමත් කල්පනාකාරී, හොඳ අවබෝධයෙන් මේ ගමන TGA එක්ක යන්න කැමතිනම් අපි ඔබව ඉතා සාදරයෙන් පිළිගන්නවා මේ දිගු ගමනට.


(උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න)
TGA Network - චරි
Logo.png
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment