මොකක්ද මේ BitCoin කියන්නෙ?


පහසුවෙන් තේරුම්කර දිය නොහැකි තේරුම් ගැනීමට අපහසු වූ බිට්කොයිනය වසර 1994 ලොව පුරා පැතිරුණු අන්තර්ජාලය හා තරමක් සමාන වේ. එය ලෝක ව්‍යාප්ත ජාලයේ තාක්ෂණික නවීකරණයක් ලෙස අවධාරණයෙන් සැසදිය හැක. මිනිසුන් අදහස් හුවමාරු කර ගන්නා ආකාරය අනුව අන්තර්ජාලය වෙනස් වුවා මෙන් බිට්කොයිනය ද මිනිසන්ගේ අදහස් හා මුදල් පරිහරණය අනුව වෙනස් වේ. බැංකු පද්ධතියට විකල්පයක් සැපයීමක් ලෙස ‘බිට්කොයින්’ නිර්මාණය කරන ලදී. එය ගිණුම් තැබීමේ ක්‍රමයකි. ලොව පුරා පැතිරී ඇති දහස් සංඛ්‍යාත පරිගණක ඔස්සේ හිමිකමේ මං සලකුණු තැබූ සංඛ්‍යාත ටෝකනයක් වූ ‘බිට්කොයින් ‘ ගනුදෙනු කටයුතු කරනු ලබන එක්තරා භුමිකාවකි.


මොකක්ද මේ බිට්කොයිනය කියන්නෙ? (පහත වීඩියෝව නරඹන්න)


බිට්කොයින් පරිහරණය කරනන්ගේ සියලුම ගනුදෙනු විනිවිද භාවයෙන් යුතු වන අතර ‘Blockchain’ නමින් හඳුන්වනු ලබන පොදු ලෙජරයට ප්‍රවිෂ්ඨ වීමෙන් ස්ථීර භාවය පෙන්නුම් කරනු ඇත.

මොකක්ද මේ Block Chain කියන්නෙ? (පහත වීඩියෝව නරඹන්න)



බිට්කොයින් ගනුදෙනු පද්ධතිය ආරම්භ කල මොහොතේ පටන් සියලුම බිට්කොයින් පරිහරණය කරන්නන්ට ඔවුන්ගේ ගනුදෙනු සම්බන්ධ පිටපත් වාර්තාවක් ‘Blockchain’ වෙතින් නිකුත් කරනු ලැබේ. මෙය වර්තමාන වාණිජ බැංකු පද්ධතිය සහ බිට්කොයින් ගනුදෙනු අතර මුලික වෙනස්කම ලෙස සැලකිය හැක.
මධ්‍යම බැංකු පද්ධතිය හරහා මුදල් නෝට්ටු නිකුත් කරන අතර බිට්කොයින් කරනුයේ පරිගණකයක් මගින් තවත් පරිගණකයක් වෙත කරනු ලබන විධානාත්මක ක්‍රියාවලියයි. පරිගණක දත්ත සැලසුම් කරුවන්ගේ විශේෂිත දක්ෂතාවය බිට්කොයින් ගනුදෙනු ක්‍රමය කලඑළි බැසීමට හේතු වූ අතර ඒ වෙනුවෙන් ඔවුන් වෙත ප්‍රදානය කරන්නාවූ ත්‍යාගයක් ලෙසින් බිට්කොයින් ආරම්භ වන ලදී. බිට්කොයින් ගනදෙනු ක්‍රමය ලොව පුරා ප්‍රචලිත වුයේ ඒ අයුරිනි.
බිට්කොයින් නිර්මාතෘවරයා වන්නේ ‘සටෝෂි නකමොටෝ’ නම් ඇමරිකාවේ ජීවත්වන ජපන් සම්භවයක් ඇති තැනැත්තාය. මෙම 'සටෝෂි නකමොටෝ' යන්න ඔහුගේ සත්‍ය නම නොවන බවට මතයක් පවතී.
2008 වසරේ ඔක්තෝම්බර් 31, බිට්කොයින් ප්‍රවර්ධන කරයුතු වෙනුවෙන් නකමොටෝ විසින් අන්තර්ජාලය හරහා තහවුරු නොකරන ලද අස්ථීර ආකෘතියක් ඉදිරිපත් කරන ලදී. ලොව පුරා පරිගණක දත්ත සැලසුම් කරන්නන් හා විකාශය කරන්නන් නකමොටෝ විසින් කුළුණකින් තවත් කුලුනක් හරහා පරිගණනයකින් විස්තර කරන ලද ඥානය වහා හඳුනාගත් අතර, බිට්කොයින් තවත් දියුණු කිරීම උදෙසා ඔහු සමග වැඩ කිරීමට පටන්ගත්තෝය. මෙහි ප්‍රථිපලයක් වශයෙන් 2009 වසරේදී මෙය Open-Source මෘදුකාංගයක් වශයෙන් එළිදක්වන ලදි. වසර 2009 ඔක්තොම්බර් මස ප්‍රථම බිට්කොයින් විනිමය අනුපාතිකය ලොව පුරා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව බිට්කොයින් ලේඛන ගත අගය වුයේ Bitcoin 1,309 = ඇ. ඩොලර් 1ලෙසිනි.
පළමුවන බිට්කොයින් ගනුදෙනුව වුයේ 2010 වසරේ ෆ්රෝරිඩා හි පදිංචි කරුවෙකු විසින් තමා වෙත ‘පීසා’ ඇනවුම් කරන්නෙකුට බිට්කොයින් 10,000 ප්‍රදානය කරන බවයි. ෆ්ලොරිඩා වෙතින් කරනු ලැබූ ඉල්ලීම ලන්ඩන් හි වෙසෙන තවත් බිට්කොයින් ගනුදෙනු කරුවකු විසින් පිළිගන්නා ලද අතර විදේශීය දුරකථන ඇමතුමක් මගින් ‘Papa John’s’ ෆ්ලොරිඩා හි පීසා ආපන ශාලවට ඇනවුම ඉදිරිපත් කරන ලදී. මුදල් හුවමාරු ඉතිහාසයේ පළමුවන බිට්කොයින් ගනුදෙනුව එසේ ආරම්භ විය.
ටෝකියෝවේ වෙසෙන Mt. Gox නමැති පුද්ගලයා වෙළඳ පොලේ බිට්කොයින් විනිමය හුවමාරු කල පළමුවන තැනැත්තාය.
වසර 2010 නොවැම්බර වනවිට හුවමාරු වූ බිට්කොයින් වටිනාකම මිලියන 4ක් විය. විනිමය අනුපාතය සැකවින් ඇ. ඩොලර් 0.50 = 1 Bitcoin විලසින් ලෝක ව්‍යාප්ත තාත්වික විභවයක් ලෙසින් බිට්කොයින් පිබිදීමක් වෙළඳ පොලේ ඇතිවිය.
මසක් ගතවීමෙන් පසුව බිට්කොයින් පරිහරණය කරන ලද සමාජ වෙත අවධානය යොමුවන ලද්දේ නිවැරදි ආකාරයෙන් නොවේ. උදාහරණයක් ලෙස ඇමරිකාවේ රාජතාන්ත්‍රික රහස් එලිකිරීමෙන් පසුව ලෝකයේ ප්‍රධාන මුල්‍යමය ආයතන විසින් විකිලීක්ස් ගනුදෙනු අවහිර කරන ලදී. එක්තරා පුවත් සිරස්තල යෝජනාවක් වුයේ බිට්කොයින් අවහිර කරන ලද ගනුදෙනු සඳහා වඩාත්ම සුදුසු විසඳුම බවයි.
නිර්මාතෘ සටෝෂි නකමොටෝ ක්‍රම ක්‍රමයෙන් සියලුම සම්මුති වලින් අතුරුදහන් වී සිටි අතර නැවත ඔහු පිලිබඳ කිසිදු සටහනක්ද නොවීය.
ටික කලකින් ‘Silk Road’ නම් නිර්නාමික වෙළඳ පොළ දියත් කරන ලදී. Silk Road අන්තර්ජාලය හරහා මත්ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් නීති විරෝධී භාණ්ඩයන් සපයන ලද ‘කලු කඩයක්’ බඳුය. සිල්ක් රෝඩ් සියලුම ගනුදෙනු බිට්කොයින් මගින් සිදුකල අතර ලේඛන සහිතව ගනුදෙනු කල නොහැකි වාසියද අත්පත් කර ගත්තේය.
බිට්කොයින් වෙළඳ පොලේ ගනුදෙනු කරැවන්ගේ සහ නිරීක්ෂකයන්ගේ ආගමනයත් සමගින් වසර 2011 එහි අගය ඩොලරයේ අගය හා සමාන වූ අතර විනිමය අනුපාතයද ඉහල යන්නට විය. නමුත් 2011 ජුනි මස 31 වනවිට එම අගය ඇ. ඩොලර් 31 දක්වා ඉහල යාමත් සමග අනුපාතය පහල යන්නට විය. Mt . Gox ගේ පරිගණක පද්ධතිය නිල නොලත් පරිශීලකයන් අතට පත්විය. (hacked) බිට්කොයිනයේ වටිනාකම තිබුණු ප්‍රමාණයටත් වඩා පහල බසින්නට විය. අවසානයේදී Bitcoin 1 = ඇ. ඩොලර් 2 ලෙස සටහන් කරමින් නිරීක්ෂකයන් ගේ සිහිනය අවසන් කරන ලදී.
බිට්කොයිනයේ වර්තමානය සහ අනාගතය.
අනවසර පරිශීලනය සහ අන්තර්ජාල දත්ත සොරකම් කිරීමේ හේතුවෙන් මාස කිහිපයක නිහඬතාවයකින් පසුව එනම් 2012 වසරේදී බිට්කොයිනය නැවතත් විනිමය වෙළඳ පොලේ ගනුදෙනු අතර සටහන් තබන්නට පටන්ගත්තේය.
වසර 2013 වනවිට පිළිගත් වෙබ් අඩවි දෙකක වූ Reditt සහ WordPress විසින් බිට්‍කොයින් යනු ගනුදෙනු කිරීමට සුදුසු නීත්‍යානුකූල ක්‍රමවේදයක් බව ප්‍රකාශ කරන ලදී. එම වසරේම සයිප්‍රසය සිය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් අතර ගනුදෙනු කරුවන්ගේ මුදල් බැංකු සතුවූ අතර බිට්කොයිනය ශක්තිමත් වන්නට විය. ඒ අනුව Bitcoin ATM යන්ත්‍ර (Automated Teller Mechines) රට පුරා පිහිටුවමින් බිට්කොයිනය ‘විශ්වාසයේ මුදල් සංකේතයේ ශුභාරංචිය’ ලෙසින් ජනතාවට තහවුරු කරන ලදී.
නමුත් බිට්කොයිනය විසින් සිය ගනුදෙනු කරුවන් වෙත භාවිතයේ පවතින සම්ප්‍රදායික බැංකු වලටත් වඩා නිදහස් හා ස්ථීර මුල්‍යමය රහස්‍ය භාවයක් සුරක්ෂිත කරන ලද අතර එවැනිම පිළිවෙතක් නිර්නාමික හා නීතිවිරෝධී ක්‍රියාපටිපාටියකින් යුත් ‘Silk Road’ වෙළඳ පොළටද සපයන ලදී.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ භාණ්ඩාගාර පාලනය බිට්කොයින් ගනුදෙනු නිසා සිදුවිය හැකි ගැටලු හා භයානක තත්වය ගැන පරීක්ෂාකාරී වූ අතර, අයුතු සහගත ලෙස මුදල් විශුද්ධීකරණය (money laundering) නීති විරෝධී අවි ආයුධ හුවමාරුව වෙනුවෙන් අරමුදල් ආදී සිදුවිය හැකි දේ පිළිබඳව අවධානය යොමු විය. එහි ප්‍රතිපලයක් වශයෙන් බිට්කොයින් භාවිතයට එරෙහිව ගනුදෙනු පාලනය කරමින් ව්‍යවහාර වෙනුවෙන් උපාය මාර්ග යොදන ලදී. ඒ කෙසේ වෙතත් බිට්කොයින් යනු දැනට පවතින මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ සුවිශාලම පෙරැළියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. එමෙන්ම දිනෙන් දින ඉහළ යන බිට්කොයින් අගය, එය ලොව පිලිගත් මූල්‍ය ඒකකයක් බවට පත්වෙමින් යන මේ ගමන, අන්තර්ජාල මූල්‍ය ක්ෂේත්‍රයේ මහා කුණාටුව බවට පත්වේද? යන පැනය සමඟින් අපි ඔබෙන් සමුගනිමු.
(Al Jazeera News ඇසුරෙන් සකස් කිරීමකි.)

උපුටා ගැනීමකි. TGA Network - චමිත්

Share on Google Plus

About Unknown

2 comments: