මොනවද මේ HYIP කියන්නෙ?


මොනවද මේ හැමෝම කතා කරන HYIP කියන්නෙ? මේ නම සම්පුර්ණයෙන් ලියනවනම් High Yield Investment Program කියන එක කෙටි කරල තමයි මේ HYIP කියල ලියන්නෙ. සිංහලෙන් කියනවා නම් "ඉහල ආදායම් ලැබිය හැකි අන්තර්ජාල ආයෝජන අවස්ථා". දැන් ඉතින් ඔයාට මාර සතුටුයි නේද? හෙට උදේ වෙනකොට කෝටිපතියෙක් වෙලා, කට්ටිය හොල්මන් කරන්න කල්පනා කරනව ඇති නේද? හැබැයි, මේක ගැන ලියන්න පටන්ගන්න කලින්ම කියන්න ඕන, ලංකාවෙ කියමනක් තියෙනව නේද "දැලි පිහියෙන් කිරි කනවා වගේ" කියල. ඔන්න ඔය කතාව මෙතැනට හරියටම අදාල වෙනවා.


එහෙනම් ඉතින් අපි පටන්ගමු නේද?
ඔන්න ගුරු මුෂ්ටි තියාගන්නෙ නැතිව අපි ඔයාලට කියල දෙන්නම් ඔය ගොඩක් HYIP Monitors මේ program ගැන දත්ත ගන්නෙ කොහෙන්ද, මේවා කරන්න පුළුවන් කොහොමද කියල (අඩුවෙන්ම Loss කාල).


HYIP ගැන අතීත තොරතුරු නම් අපි දන්නෙ නැහැ. (කවද පටන්ගත්තද, කවුද පටන්ගත්තෙ වගේ වැඩකට නැති දේවල්)
හැබැයි, පටන්ගන්න කලින්ම කියන්නම් HYIP යනු "අතිශය අවදානම්" අන්තර්ජාල ආයෝජන අවස්ථාවක්. මේක කරන්න ඕනෑනම් මෙන්න මේ දේවල් ඔයා ළඟ තිබිය යුතුමයි.
  1. අතිශය අවදානම් ආයෝජනයකට යෙදිය හැකි, නැති වුනොත් දරාගත හැකි මුදලක්.
  2. මුදල් ලැබීමට තියෙන පෙරේත කම අඩුම අඩු වෙන්න ඕන.
  3. සිංහලෙන් කියනවා නම් "ඇන්නා පැන්නා ගුණාංගය" තිබිය යුතුමයි. (කෙල්ලන් සඳහා වලංගු නොවේ, HYIP සඳහා පමණක් වලංගු වේ)
  4. ආපසු හැරී නොබැලීමේ ගුණාංගය. (හොල්මන් පස්සෙන් එනකොට බලන්න එපා කියනවනේ, අන්න ඒ ගුණාංගය)


මොකක්ද මෙතැන ඇත්තටම වෙන්නෙ?
මෙතැනදී ඔයාට ලැබෙන්නෙ මුදල් ආයෝජනය කිරීමේ අවස්ථාවක්. (Opportunity for an Investment). මෙතැන සිද්ධ වෙන ආයෝජන වලට ලැබෙන ලාභාංශය ඉතා ඉහල අගයක් ගන්නවා. අපි සාමාන්‍යයෙන් බැංකුවක මුදල් ආයෝජනයක් කලොත් 10%-15% අතර පොළියක් (ලාභයක්) අපට වසරකට පසුව ලැබෙනවා. ඒත් HYIP වල 20%-200% දක්වා ආදායමක් දින කිහිපයකින් ලබන්න පුළුවන්.

මේක වෙන්න පුළුවන් දෙයක්ද?
අත්තටමට මේක වෙන්න බැරි දෙයක්. ඒත් HYIP program අයිතිකරුවන් මේකට හරි ලස්සන උත්තරයක් ලෑස්ති කරගෙන ඉන්නෙ. ඒක තමයි "අපි කරන්නෙ Forex", නැත්නම් Binary Option, එහෙමත් නැත්නම් Crypto Trading.
TGA Network අපිත් ඔය කියන තුනම කරල තියෙනවා, ඒ වගේම කරනවා. හැබැයි ඔය මොන Trade එක කලත් ඔච්චර ලොකු ලාභයක් ලබන්න Trade කෙසේ වෙතත් සූදු (Gambling) තමයි කරන්න වෙන්නෙ.


අන්න ඒ නිසයි අපි කෙලින්ම කියන්නෙ “HYIP යනු අතිශය අවදානම් අන්තර්ජාල ආයෝජන අවස්ථාවක්” කියල.


එහෙනම් මේවා කොහොමද සල්ලි ගෙවන්නෙ?
මුලින්ම එකතු වුන අයට පස්සෙ එකතු වුන අයගෙන් ගෙවනවා. මෙහෙම ටික දවසක් කරගෙන යනවා, එයාලගෙ (HYIP program එකේ අයිතිකාරයාගේ) ලාභය ලැබෙනකම්. ඊට පස්සේ වෙච්ච දෙයක් නැහැ. අන්න ඒ නිසයි මේවා කරනවා නම් අපි ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙන උපදෙස් මාලාව වැදගත් වෙන්නෙ.


මේවා ගොඩක් UK (මහා බ්‍රිතාන්‍යයයේ) ලියාපදිංචි වෙලානෙ තියෙන්නෙ?
මේක උත්තරේ සිංහලෙන් කියන්නම්, තරහ ගන්න එපා හොඳේ
"දාපන් UK registration බල්ලට"


ඇයි මෙහෙම කිව්වෙ?    
UK ව්‍යාපාර ලියාපදිංචියට නීති හුඟක් ලිහිල් අපි දන්න තරමින්. හුඟක් අන්තර්ජාල හොරු ඒ නිසා මේ අවස්ථාව පාවිච්චි කරනවා සල්ලි හොරා ගන්න. ලංකාවෙ අපිටත් UK වලින් කිව්වොත් ඉතින් වෙන මුකුත් ඕන නැහැනෙ. (හැබැයි US - ඇමෙරිකා ලියාපදිංචි ව්‍යාපාර ඔය වගේ නෙමෙයි හොඳේ)


දැන් කොහොමද මේක කරන්නෙ?
ඔන්න දැන් තමයි වැඩේ පටන්ගන්නෙ.
  • වැඩේට ඕන කරන්නෙ ඇ. ඩොලර් 10ත් 50ත් අතර ගාණක්. (මේක නැති වුනොත් විඳගන්න පුළුවන් වෙන්න ඕන) මේ සල්ලි BTC (BitCoin) හෝ Perfect Money ඇ. ඩොලර් විදිහට තියෙනවා නම් ගොඩක්ම ලේසියි. (ගිණුම් අතර හුවමාරු ගාස්තු හුඟක්ම අඩු නිසා)
  • මෙන්න යන්න ඕන තැන http://moneymakergroup.com - මේකට කියන්නෙ HYIP සහ අනෙකුත් අන්තර්ජාල ආයෝජන කරන ආයෝජකයින්ගේ බයිබලය (අනිවාර්යයෙන් බලන තැන) කියල. {මේක ගැන වෙනම ලිපියක් ලියන්නම්කෝ}
  • කැමතිනම් මේකෙ ලියාපදිංචි වෙන්න. (Register වෙන්න). හැබැයි පරිස්සමින් වැඩ කරන්න. මොකද මේකෙ ඉන්න ඇඩ්මින්ලා හරිම දරුණුයි. අපි පිස්සු කලොත් කෙලින්ම Block තමයි.
  • මේ පහල තියෙන video එකේ (.gif එකේ) වගේ ඔයා ගිහින් බලන්න මේ program අලුත් ඒවද පරණ ඒවද කියල.


HYIP.gif


  • හොඳට මතක තියාගන්න අලුත්ම ඒවා විතරක් තෝරාගන්න. තව බලන්න මේක දිනපතා ලාභාංශ දෙනවද නැත්නම් පැයකට වරක්ද ලාභාංශ දෙන්නෙ කියල. (පැයකට වරක් නම් අද දවසෙ දාපු program විතරක් කරන්න)
  • අමතක කරන්න එපා, මේව අතිශය අවදානම් ආයෝජන කියන දේ.
  • දැන් ඉතින් පැයකට වරක් ලාභාංශ දෙන program එකක් නම් හැම පැයකදීම ලාභාංශ Withdraw කරන්න. මොන පැයේදී මේක නවතීද දන්නේ නැහැ. අපි කලින් කිව්වනේ සල්ලි දානකොට BTC හෝ Perfect Money වලින් දාන්න කියල. එහෙම කිව්වෙ ඇයි කියල දැන් තමයි ඔන්න තේරෙන්න පටන්ගන්නෙ - Fee කැපෙන්නෙ නැහැ.
  • දිනකට වරක් ලාභාංශ දෙන program එකක් නම් හැමදාම සල්ලි ගන්න. - අත්දැකීමෙන් කියන්නෙ අඩු කාලයක් ඇතුලත සල්ලි ගන්න උත්සාහ කරන්න. මොකද මේව ඒ තරම්ම ෂුවර් නැහැ.
  • ආයෙත් සල්ලි දාන්න හෝ compounding (තියෙන සල්ලි ආයේ ආයෝජනය) කරන්න හිතන්නවත් එපා. (අපි කලින් කිව්වෙ - ඇන්නා පැන්නා විදිහ මේක තමයි)
  • ගන්න පුළුවන් උපරිම ලාභාංශ අරගන්න, ඊට පස්සෙ එහෙම Program එකක් තිබුණද කියන එකත් අමතක කරන්න. (ඕකට තමයි අපි කිව්වෙ "ආපසු හැරී නොබැලීමේ ගුණාංගය" කියල)


ඔය කියන විදිහට විශ්වාස කරන්න පුළුවන් HYIP නැද්ද?
අපි දන්න තරමින් එකම එකක් තියෙනවා, තවම ගෙවනවා, බොහෝ දුරට මේක නම් ඇත්තම බිස්නස් එකක් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි.
ඒත් අපිට බැහැ කාටවත් "හොඳයි" කියල ලේබල් අලවන්න. ඔයාල කැමතිනම් විතරක් උත්සාහ කරන්න.
Merchant Shares :- දැනට අවුරුදු 5කට වඩා කාලයක් තිස්සෙ HYIP එකක් විදිහට තියෙනවා. ලාභාංශ නම් හුඟක් වේගවත් නැහැ. හැබැයි අපිට දැනිල තියෙන විදිහට මෙයාල ඇත්ත බිස්නස් එකක් කරනවා. (Merchant Shares දැන් ගෙවන්නේ නැහැ)


කොහොම වුනත් ආයෙත් කියන්නම්, දරන්න බැරි මුදලක් දාන්න එපා, ඒ වගේම තමන් ආයෝජනය කල මුදල හොයාගෙන ඊට පස්සෙ ලාභාංශ වලින් ඕන දෙයක් කරන්න.


(උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න)
TGA Network - චරි
Logo.png
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment