10AdsPay - TGA ඇසින්

  • තත්වය (Status) :- මුදල් ගෙවයි
  • මුදල් යෙදවිය හැකි ආකාර (Payment Options) :- Payza, Perfect Money, Solid Trust Pay, 2Pay4You, BitCoin
  • අවම ආයෝජනය (Minimum Deposit) :- ඇ. ඩොලර් 2 (USD)
  • අවම මුදල් ආපසු ගැනීම (Minimum Withdrawal) :- ඇ. ඩොලර් 5 (USD)
  • කාණ්ඩය (Category) :- Advertising Revenue Sharing
  • කොමිස් (Referral Commission) :- 10% Revenue Share Adpack මිලදී ගැනීම් සඳහා
  • අපේ විශ්වාසය (Trust Score) :- 74.00%
  • අවදානම (Risk) :- තරමක් අවදානම්
අද අපගේ 'TGA විචාරය' වශයෙන් ලියවෙන්නෙ ලංකාවෙ බොහෝ පිරිසක් කරන Advertising Revenue Sharing ආකාරයේ ව්‍යාපාරයක් වන 10AdsPay ව්‍යාපාරය ගැනයි. මුලින්ම අපි සඳහන් කරන්න කැමතියි 10AdsPay ව්‍යාපාරය අප විසින් ප්‍රචලිත කරනු ලබන (Promote කරන) ව්‍යාපාරයක් නොවෙන බවත්, ඔබට අප විසින් ප්‍රචලිත කරනු ලබන (Promote කරන) ව්‍යාපාර ගැන දැනගැනීම අවශ්‍ය නම් ඒ සඳහා කරුණාකර 'අන්තර්ජාල ආයෝජන' යටතේ පලවන ලිපි පෙල කියවන්න.
10AdsPay ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් හොයල බලමු මේකෙ අයිතිකාරයා එහෙමත් නැත්නම් ඇඩ්මින්වරයා වන Ashish Shivram Nake ගැන. අපි ඔහු ගැන විස්තර සෙවීමට භාවිතා කල ප්‍රධානම මාධ්‍ය තමයි ගූගල්. මොහු එංගලන්තයේ පුරවැසිභාවය ලැබූ ඉන්දියානු ජාතිකයෙක්.  (ඔහුගේ FaceBook ගිණුම මෙතැනින් නරඹන්න). තවදුරටත් අප කල සොයාබැලීම් වලින් අපට දැනගන්න ලැබුණේ මොහුට MBA (Masters of Business Administration) උපාධියක් Nottingham Trent විශ්ව විද්‍යාලයෙන් ලැබී ඇති බවත්, ඒ වගේම ඔහු සම්බන්ධ වූ ආයතන 3ක් ඇති බවටත් අපි හඳුනාගත්තා. ඒවා නම්
එහෙත් අප විශ්වාස කරනු ලබන්නේ මොහු Revenue Sharing ව්‍යාපාර සඳහා බොහෝ ආධුනික පුද්ගලයකු ලෙසයි.
මොකක්ද මේ 10AdsPay කියන්නෙ?
2016 ජුනි මස 08 වෙනිදා තමයි 10AdsPay ආරම්භ වෙන්නෙ. මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයට Payza Payment Processor එකේ විධායක උප සභාපති වන Firoz Patel සහභාගී වෙනවා. සමහරු මෙය විශ්වාසවන්ත භාවයේ සලකුණක් ලෙස හැඳින්වුවත් අපි මෙය දකින්නෙ හුදු රඟපෑමක් ලෙසයි. ඒ ඇයි කියනවනම් Payza ආයතනයේ අයිතිකරුවන් වන Firoz සහ Ferhan සහෝදරයින්ගේ අතීතය බොහොම නිර්මල එකක් නෙමෙයි. (වැඩිදුර විස්තර අපගේ Payza ලිපියෙන් බලාපොරොත්තු වන්න) ඒ වගේම Payza ආයතනය බලන්නෙ තමන්ගේ ආදායම කෙසේ හෝ වැඩිකරගැනීමට. ඒ සඳහා Revenue Sharing ව්‍යාපාර ඉතාමත් හොඳ තෝතැන්නක්.
මේ හැරුණු කොට 10AdsPay ව්‍යාපාරය AVG Anti Virus ව්‍යාපාරය සමඟ ව්‍යාපාරික සම්බන්ධතාවක් (Business Partnership එකක්) ඇති බව ප්‍රකාශ කරනවා. Revenue Sharing ව්‍යාපාර සඳහා මෙවැනි සම්බන්ධතා ඉතා වැදගත් වන බවයි අපගේ හැඟීම. එහෙත් මෙම ව්‍යාපාරික සම්බන්ධතාව කුමන ආකාරයේ සම්බන්ධතාවයක්දැයි පැහැදිලි අවබෝධයක් අපට ලබාගන්න හැකියාවක් ලැබුනේ නැහැ.

දැනට සති කිහිපයකට කලින් 10AdsPay ව්‍යාපාරය ඔවුන්ගේම MasterCard එකක් හඳුන්වාදීමට කටයුතු කලා. මෙය Payza සමඟ එකතුව නිකුත් කරන ලද Card එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. මෙවැනි කාඩ්පත් හඳුන්වාදීම මෙම ව්‍යාපාරවල යෙදෙන්නන් සඳහා මහඟු පිටුවහලක් බවයි TGA Network අපගේ මතය.

10AdsPay ව්‍යාපාරික මොඩලය මොනවගේද?
10AdsPay යනු Advertising Revenue Sharing මත පදනම් වූ ව්‍යාපාරයක්. ඒ කියන්නෙ අප විසින් මිලදී ගන්නෙ මෙම සයිට් එකේ අපගේ දැන්වීම් පලකිරීමට අවශ්‍ය කරන Advertising Credits. ඒ වගේ දිනක Advertising විකිණීමෙන් ලැබෙන ලාභය යලිත් අප අතර බෙදා දීමක් තමයි මෙහිදී සිදුවන්නෙ. ඒ වගේම අප විශ්වාස කරන ආකාරයට මෙම ව්‍යාපාරයද කෙනෙකුගෙන් ලැබෙන ආදායම තවත් කෙනෙකුට ගෙවීමේ ක්‍රමය නොහොත් Ponzi ව්‍යාපාරික මොඩලය මත පදනම් වූ ව්‍යාපාරයක් හැටියට හැඳින්විය හැකියි.
මෙම ව්‍යාපාරයේදී ආදායම් ලැබීමට හැකි ආකාර මොනවාද?
1. Revenue Sharing Adpack මිලදී ගැනීමෙන්
2. CashLink ක්ලික් කිරීමෙන් (PTC)
3. තමන්ගේ Referral ලින්ක් එක හරහා තවත් අය බඳවා ගැනීමෙන් (ඔවුන්ගෙන් ලැබෙන කොමිස් මුදලින්)

Revenue Sharing Adpack මිලදී ගැනීමෙන් මුදල් උපයන්නේ කොහොමද?
10AdsPay.jpg
ඉහත රූපයේ දැක්වෙන පරිදි ඔබට පුළුවන් Revenue Share Adpack මිලදී ගන්න ඇ. ඩොලර් 2න් ආරම්භ වෙන. ඒ මිලදී ගැනීම වෙනුවෙන් සයිට් එක ඔබට Web Ad Credits 100ක් සහ Banner Clicks පිරිනමනවා. ඇත්තටම කියනවනම් ඔබ Adpack එකක් මිලදී ගන්නවා කියන්නෙ මේ Web Ad Credit සහ Banner Clicks මිලදී ගැනීමයි. මෙම මිලදී ගැනීම නිසා ඔබ 10AdsPay හි Revenue Sharing Pool එකට ඇතුලත් වෙන්න පුළුවන්කම ලැබෙනවා.
මේ ලෙසම ඔබට ඇ. ඩොලර් 25 සහ ඇ. ඩොලර් 50 වටිනා Adpack මිලදී ගැනීමට හැකියාවක් පවතිනවා. මෙම සියලුම මිලදීගැනීම් සඳහා ඔබට කිසිඳු සාමාජික ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙය එක් අයුරකින් මෙවැනි බිස්නස් මොඩලයක් සහිත ව්‍යාපාරයක් සඳහා උචිත පියවරක් නොවන බවයි අපගේ හැඟීම.

මෙම ව්‍යාපාරයේ යෙදීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, ඔබ මතක තබාගතයුතු දෙයක් තියෙනවා. ඔබ විසින් මිලදී ගනු ලබන්නේ සේවාවක්, ඒ නිසා ඔබට දිනකට හරියටම මෙන්න මේ ප්‍රමාණයක් ආදායම් ලැබෙනවා කියල කිසි වෙලාවක කියන්න හැකියාවක් මෙහිදී හිමි වෙන්නෙ නැහැ. ඒ වගේම ඔබ ආයෝජනය කල මුදල හරියටම මේ දිනයේදී 110% හෝ 115% හෝ 120% ප්‍රමාණයක් වෙන බවට සහතිකයක් දෙන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ. (අපි Revenue Sharing කියන්නෙ මොකක්ද කියල මීට කලින් කතා කරල තියෙනවා. මෙතැනින් බලන්න)
***සයිට් එක ආදායම් නොලැබුවොත් ආදායම් බෙදීමක් සිදු නොවේ.
AdPack වර්ගය
ලැබිය හැකි උපරිම ප්‍රතිලාභය
දිනක ලැබිය හැකි ආදායම (උපරිම)
උපරිම ප්‍රතිලාභ ලැබීමට ගතවන දින ගණන
(දළ වශයෙන්)
මිලදී ගත හැකි උපරිම AdPack ගණන
Membership Fee එක (මාසිකව)
$ 2
110%
2.0%
50ත් - 60ත් අතර
200
නැත
$ 25
115%
2.0%
50ත් - 60ත් අතර
200
නැත
$ 50
120%
2.0%
50ත් - 60ත් අතර
ඕනෑ තරම්
නැත

CashLink ක්ලික් කිරීමෙන් (PTC) මුදල් උපයන්නේ කොහොමද?
ඔබ මුදල් නොයොදා මුදල් උපයන්න කැමති නම් ඔබ කලයුත්තේ මෙම CashLink ක්ලික් කිරීමයි. මෙම ව්‍යාපාරයේ PTC මොඩලය අපට දැන්වීම් පළකරන්නන් සඳහාම සකසන ලද ශක්තිමත් PTC මොඩලයක් ලෙස හැඳින්වීමට හැකියාවක් නැහැ.
තමන්ගේ Referral ලින්ක් එක හරහා තවත් අය බඳවා ගැනීමෙන් මුදල් උපයන්නේ කොහොමද?
අනෙකුත් Revenue Sharing ව්‍යාපාර කරන ආකාරයටම 10AdsPay ව්‍යාපාරයේ Affiliate Program එකට සක්‍රීයව දායකවීම මඟින් ඔබට 10% කොමිස් මුදලක් ලැබීමට අවස්ථාව තිබෙනවා.10% කොමිස් මුදල් සඳහා වෙන් කිරීම යනු විශාල මුදලක් නාස්ති කිරීමක් වශයෙනුයි අපි TGA Network දකින්නෙ.
10AdsPay ව්‍යාපාරයේ ධනාත්මක පැත්ත TGA Network ඇසින්
  • 2016 ජුනි මස ආරම්භ වූ මෙම ව්‍යාපාරය මේ වනවිට මාස 8ක කාලයක් පුරා ගෙවීම් කටයුතු සිදුකරල තියෙනවා. එය ව්‍යාපාරය පැත්තෙන් බැලුවොත් ඉතා හොඳ තත්ත්වයක් විදිහට තමයි අප දකින්නෙ.
  • ඔවුන්ගේම MasterCard එකක් Payza සමඟ අනුබද්ධව නිකුත් කිරීම ඉතාමත් හොඳ දෙයක් විදිහට අපිට කියන්න පුළුවන්.
  • AVG ව්‍යාපාරය සමඟ ව්‍යාපාරික සහයෝගීතාවයක් පවතීනම් එය මෙවැනි ව්‍යාපාරවල කල් පැවැත්ම වැඩි කිරීමට කිසියම් වූ දායකත්වයක් සපයන බවයි අපගේ මතය.
  • MBA උපාධියක් සහිත ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ඇඩ්මින්වරයකු සිටීම ව්‍යාපාරයේ කල් පැවැත්ම වැඩි කිරීමට ඉවහල් වෙන බවයි TGA අපේ මතය.
10AdsPay ව්‍යාපාරයේ ඍණාත්මක පැත්ත TGA Network ඇසින්
  • ගතවූ මාස 8 පුරාම 10AdsPay ගිණුම් හිමියන්ගේ සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක් දැකීමට හැකියාවක් ලැබී නැහැ. (මේ වනතෙක් සිටින්නේ ගිණුම් හිමියන් 19817ක් පමණි.)
  • Revenue Sharing ක්ෂේත්‍රයේ අත්දැකීම් අඩු ඇඩ්මින්වරයකු ලෙසයි අපිට Ashish Shivram Nake හඳුන්වන්න පුලුවන්.
  • මෙම ව්‍යාපාරය සඳහා ProxScript එක යොදාගෙන ඇති අතර එහෙත් මෙම Advertising Revenue Sharing ව්‍යාපාරයේ දැන්වීම්වල තත්වය (Quality of Advertising) ඉතා පහල මට්ටමකයි තිබෙන්නෙ.
  • මෙම ව්‍යාපාරය බොහෝ Revenue Sharing ව්‍යාපාර වගේම Ponzi මොඩලය සහිත ව්‍යාපාරයක් වන බවයි අපගේ හැඟීම.
TGA Network අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, 10AdsPay බිස්නස් මොඩලය බොහෝ දුරට PONZI (කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට ගෙවන) බිස්නස් මොඩලයකට සමාන වන නිසා ඔබ මෙම ව්‍යාපාරය හා සම්බන්ධ වන්න බලාපොරොත්තු වන්නේ නම් ඔබ විසින් ආයෝජනය කල යුත්තේ නැති වුණොත් දරා ගතහැකි මුදලක් පමණයි. ඒ වගේම මෙම ව්‍යාපාර මොඩලය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව එහි නියැලීම අතවශ්‍ය කටයුත්තක් වේ. මෙම පහත සඳහන් වගු කිහිපය හොඳින් නරඹන්න. 10AdsPay ව්‍යාපාරය පිලිබඳ අපගේ දැක්ම මොන වගේද, ඒ වගේම ඇයි අපි මේ ව්‍යාපාරය ප්‍රචලිත කරන්නෙ හෝ නොකරන්නෙ යන කරුණු ඔබටම වටහාගන්න පුළුවන්.


Category
(කාණ්ඩය)
TGA Trust Score
(TGA අපේ විශ්වාසය)
Assigned Weight
(ලැබෙන දායකත්වය)
Final Count
(අවසන් ප්‍රතිඵලයට ලැබෙන දායකත්වය)
Trust Score of the Owner
72.00%
16.00%
11.52%
Features
62.00%
15.00%
9.30%
Member Reviews
70.00%
15.00%
10.50%
Recent Payouts
90.00%
7.00%
6.30%
Daily Cap
95.00%
15.00%
14.25%
Used Script
65.00%
12.00%
7.80%
Promotional Strength
55.00%
5.00%
2.75%
Affiliate Program
75.00%
6.00%
4.50%
Payment Methods
80.00%
3.00%
2.40%
Limitations & Other
78.00%
6.00%
4.68%


100.00%
74.00%

74.00% TGA Trust Score (විශ්වාසවන්ත භාවය) සහිත 10AdsPay.Com, අප (TGA Network) විසින් අවදානම් අන්තර්ජාල ආයෝජනය අවස්ථාවක් විදිහට නිර්දේශ කරනවා.
එම නිසා අපි නැවත වතාවක් අවධාරණය කරනවා, කිසිම මොහොතක "පාඩු වුණොත් දැරිය නොහැකි මුදලක්" මේ සඳහා නොයොදන ලෙසට.



(උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න)
TGA Network - චරි
Logo.png
Share on Google Plus

About Unknown

6 comments:

  1. 10ap aka 8 month witara wanawa dan patan aran dan kohomath karanawa nam risk tamai dan makan seed aka adina kala hari dan maka dama kiyala wadak na ,ma site akan hodata pay out gauwa tawamath hodata gawanawa

    ReplyDelete
    Replies
    1. Hi,
      Meka promote kale naha api. Meka thawamath gewana hinda ape review ekak witharayi karala thiyenne...!!!
      jaya wewa!

      Delete