ඔබ සුදානම්ද?


'ජීවත් වෙන්න මුදල් ඕන' - දැනට අවුරුදු 10කට 15කට කලින් මේ කතාව කිව්ව නම් සමහරවිට ඔබ අපිත් එක්ක වාද කරන්න පුළුවන් 'මේ කතාවට එකඟ නැහැ' කියල. ඒත් අද වෙනකොට සමාජය හුඟක් සංකීර්ණ වෙලා, ලැබෙන ආදායමට වඩා වියදම වැඩි වෙලා, හුඟක් මිනිස්සු විකල්ප ආදායම් මාර්ග ගැන සොයන්න පටන් අරගෙන. ඉතින් මේ විදිහට විකල්ප ආදායම් මාර්ග ගැන සොයන හුඟක් අය ඒ සඳහා 'අන්තර්ජාලය' තෝරාගෙන කිව්වොත් අපි වැරදි නැහැ.

ඒත් ගොඩක් අය වරද්දගත්ත තැනක් තමයි මේ අන්තර්ජාල මුදල් යනු ඉතා ලෙහෙසියෙන් ඒ වගේම ඉතා ආරක්ෂාකාරීව ලබාගතහැකි දෙයක් විදිහට හිතන එක. ඒ වගේම අපි හුඟක් අයට අවශ්‍ය 'එක් රැයින් ලක්ෂපතියන් සහ කෝටිපතියන්' වෙන්න. මෙන්න මේ අදහස හිතේ තියාගෙන අන්තර්ජාල ව්‍යාපාර සඳහා එන බොහෝ පිරිසක් එක්කො තමන් ළඟ තිබුණු මුදල් ටිකත් නැති කරගන්නවා, එහෙමත් නැත්තම් මේකෙ තියෙන කටුක බව, අපේ භාෂාවෙන් කියනවනම් කන්න වෙන කට්ට දැකල අධෙර්යමත් වෙනව.

මේ නිසා 'TGA එක්ක' අපි ඔයාලට දෙන පළමු උපදේශය තමයි අන්තර්ජාල මුදල් යනු ලැබිය හැකි, එහෙත් ඒ සඳහා හොඳ තීරණ ගැනීමේ හැකියාවක්, ඒ වගේම මේ ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුමයි.

ඉතින් ඔබ සුදානම්ද?
'TGA එක්ක' අපි සුදානම් ඔබත් එක්ක මේ තෙරක් නොපෙනෙන අන්තර්ජාල මුල්‍ය ක්ෂේත්‍රයේ ලොකු දුරක් යන්න...


(උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න)

TGA Network - චරි
Logo.png
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment