මොකක්ද මේ 'TGA එක්ක' කියන්නෙ?



The Guru Asia Network, එහෙමත් නැත්නම් - ආසියානු ගුරු යන සංකල්පයට යෙදූ කෙටි යෙදුම තමයි TGA.
දැනට අවුරුදු කිහිපයකට කලින් සැබෑ ජීවිතයේ යහළුවන් සහ අන්තර්ජාලය හරහා (ඇත්තම කියනවනම් FaceBook හරහා) යහළුවන් කිහිපදෙනෙක් එකතු වුණා. මේ එකතුව අන්තර්ජාල ආයෝජන, ඒ වගේම Forex සහ Binary trading කණ්ඩායමක් විදිහට කලා. ඒ අතරතුර අපේම කියල පටන්ගත්ත RevShare එක වුනේ MyTrafficAdsPay.Com.


අවාසනාවකට වගේ අපේ ඒ උත්සාහය ව්‍යවර්ථ වුණා. ඒත් අවංක බව සහ කණ්ඩායම් හැඟීම නිසා අපට පුළුවන් වුනා RevShare ඉතිහාසයේ අළුත් පරිච්ඡේදයක් ලියන්න. ඒ තමයි සියට සීයක් (ඇත්තම කියනවනම් 110%) මුදල් ආපසු ගෙවූ එකම RevShare program එක තමයි මේ MyTrafficAdsPay.Com. අපේ ව්‍යාපාරය අසාර්ථක වුනත් අවංක බව, කණ්ඩායම් හැඟීම අතින් අපි ඉතා සාර්ථකයි.


MyTrafficAdsPay.Com කරන අතරතුර අපි දැක්ක ලංකාවෙ සහ ලෝකයේ බොහෝ පිරිසකට මේ අන්තර්ජාල ව්‍යාපාර සහ අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම පිලිබඳ හරි ආකාරයේ දැනීමක් නොමැති කම. ඒ වගේම හුඟක් දෙනෙක්ට අත්වෙන අවාසනාවන්ත ඉරණම - Scam වීම. මෙන්න මේ වගේ දේවල් නිසා අපි තීරණය කලා ලංකාවෙ මේ ක්ෂේත්‍රයට කැමති, ඒ වගේම එන්න ඉන්න සියලුදෙනාට අපි ලබපු අත්දැකීම් ලියල තියන්න.


මොකද අපි දැක්ක දෙයක් තමයි, මේ ක්ෂේත්‍රයට කෙනෙක් ආපු ගමන් ඒ කෙනාට කිසි අදහසක් නැහැ මොකක්ද මේ කියන දේ පිළිබඳව. මේකෙ අවසාන ප්‍රථිපලය තමයි ඒ කෙනා තෝරාගැනීමක් සිදු කරනවා කිසියම් වූ කෙනෙක් තමන්ගෙ ගුරුවරයා විදිහට. අපි ඔවුන්ට කියන්නෙ SPONSOR කියල. ඒත් අවාසනාවට වගේ බොහෝ අය තමන්ගේ යහපත (ඇත්තම කියනවනම් කොමිස් මුදල් වෙනුවෙන්) වෙනුවෙන් මේ නවකයින්ව බිලි දෙනවා. එහෙමත් නැත්නම් හරි ලස්සන ලෝකයක් මවනවා. සුරංගනා කතා කරලිය ලියපු Hans Christian Andersen හිටියනම් ඒ පොත් ලියන එක නවත්තනවා. මොකද මේ කතා ඊට වඩා ගොඩක් රසවත්. මේ කතා වල හැටියට Forex කියන්නෙ නිධානයක්, එක දවසින් ඩොලර් 500ක් දාලා සල්ලි මවන්න පුළුවන් නිධන් වදුලක්. අන්තර්ජාල ආයෝජන කියන්නෙ කිසිම අවුලක් නැති, කිසිම දේකට බයවෙන්න ඕන නැති ස්ථානයක්, හරියට බැංකුවක සල්ලි දානව වගේ.


ඒත් අපි කියන්නෙ වෙනස් කතාවක්. ඔව් Forex නිධානයක්, අන්තර්ජාල ආයෝජන බය වෙන්න ඕන නැති සල්ලි මවන්න පුළුවන් තැනක්. හැබැයි ඒ සුරංගනා කතාවක් වගේ නෙමෙයි. බුද්ධිමත්ව, කල්පනාකාරීව, නිවැරදි පුහුණුවකින් කල හැකි, කල යුතු දෙයක්.


ඉතින් TGA එක්ක ඔයාලට ගොඩක් දුර යන්න පුළුවන්. ඔව් ඔබට ඒ සාර්ථකත්වය ලබාගන්න පුළුවන්. අන්න ඒ සාර්ථකත්වය ලබාදෙන්න අපි සුදානම්. ඒ සාර්ථකත්වය ලබාගන්න ඔබ සුදානම් වෙන්න.


~අපි TGA Network

Share on Google Plus

About Unknown

2 comments: